ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දා සිම්බාබ්වේ වෙත ලඟා වූයේ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය සඳහා එක්වීමටයි.
කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 07 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර මේ වන විට එම කණ්ඩායම දිවයිනට නැවත ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත.
එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර අදාළ සාකච්ඡා පවත්වන අතර අද (28) දහවල් වන විට ඒ පිළිබඳ තීරණයකට එළඹීමට නියමිත බවයි.