ශ්‍රී ලංකා ජුඩෝ සංගමයේ නව ප්‍රධාන ජාතික සංවිධායක – මංගල වීරසිංහ

ශ්‍රී  ලංකා ජුඩෝ සංගමයේ නිලවරණය අද (16) ක්‍රීඩා අමාත්‍යංශ “ ඩන්කන් වයිට්” ශ්‍රවනාගාරයේදී පැවත්වුනා. මෙහිදී නව ප්‍රධාන ජාතික සංවිධායක ලෙස කුරුණෑගල රිදීගම පදිංචි මංගල වීරසිංහ මහතා තේරී පත් විය. ඡන්දය විමසා තේරී පත්වීමෙන් අනතුරුව ඒ මහතා සමග අදහස් හුවමාරු කරගැනීමට අපට හැකි විය.

මුතු හෙට්ටිආරච්චිගේ අසංක මංගල වීරසිංහ වන ඒ මහතා 1978.11.24 වන දින දබුල්ල මහා රෝහලේදී උපත ලබා ඇති අතර කුරුණෑගල රිදීගම පදිංචිව සිටි. කවිසිගමුව ශ්‍රී ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඒ මහතා 1999 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැදී ඇත. ඉන් අනතුරුව අවුරුදු 22 ක සේවා කාලයක් සම්පූර්ණ කර ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මෑතකදී විශ්‍රාම ලබා තිබේ.

මීට පෙර 2015 දී ද ඒ මහතා ජාතික සංවිධායක ලෙස පත් වී තිබෙන අතර , එවකට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක විසින් පෞද්ගලික පලිගැනීමක් මත පලාලි ගුවන් හමුදා කඳවුර වෙත ස්ථාන මාරු කර යවා  තිබේ. එකල එම තනතුරේ වැඩ කිරීම සදහා හැකියාව ලැබී නැත්තේ මෙම අධ්‍යක්ෂකවරයාගේ පලිගැනීම නිසා බව ඉතා කණගාටුවෙන් ඔහු පවසන ලදී. මීට පෙර ජුඩෝ සංගමයේ විධායක කමිටුවේද මොහු සමජිකයෙකු වී තිබෙන අතර දක්ෂ ජුඩෝ ක්‍රීඩකයෙකි.

විශේෂයෙන්ම ගුවන් හමුදාව තුල සිටි සාමාන්‍ය නිලයක සිටි මේ මහතාගේ දක්ෂතාවය නිසාම 2015 වර්ෂයේදී ජාතික සංවිධායක වැනි තනතුරක් ඉසිලීම ගුවන් හමුදාවේ සමහර උසස් නිලධාරීන්ට බලාගෙන සිටීමට නොහැකි නිසා එම නිලධාරීන් තමන්ගෙන් පළිගත් බවද වැඩි දුරටත් සදහන් කරන ලදී.

සංස්කාරක සටහන

මංගල වීරසිංහ මහතාට අපගේ සුබ පැතුම් එක් කරමින් හමුදාවල් වල සාමාන්‍ය නිලදාරීන්ට මෙන්ම උසස් නිලධාරීන්ටද දැඩි අසාදරනකම් සිදු වන බව පට වාර්තා වේ. පෞරුෂත්වයක් නැති බොහෝ නිලදාරීන් මෙරට නීති පද්ධතිය ගැන කිසිදු දැනුමක් නැති අතර දැනුමක් තිබෙන අයද ඒවා අමතක කර දමා තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට කටයුතු කරන අයුරු අපද දැක තිබේ. නීතිය හෝ දැනුම නොමැති කමෙන් මහජනතාවගෙන් වැටුප් ලබන හමුදා ආයතන වල රාජකාරි කරන එවැනි පටු නිලදාරීන්ගේ ඔලමොට්ටල වැඩ නිසා ජාතික ආරක්ෂාව බිද වැටී භටයන්ගේ සහ නිලදාරීන්ගේ ජීවිත පවත්වාගෙන යාමද අසීරු වේ. මේ සියල්ලටම වඩා මෙම ආයතන බිද වැටීමෙන් හමුදා නිල ඇදුමට තිබෙන ගරුත්වය පවා නැති වී ජනතාව ප්‍රතික්ෂේප කරන ආයතන බවට පත් වීමේ ශාපයෙන් ආත්ම සිය ගණනකින් වත් ගැලවීමට නොහැකි වනු ඇත.  

Exit mobile version