මීට දින කිහිපයකට පෙර යම් කණ්ඩායමක් විසින් බුදු දහමට නිඟා වන ලෙස මෙන්ම, ශිල්වත් හිමිනමක් වන අති පූජ්‍ය අචාර්ය ඕමල්පේ සෝභිත හිමිට විරුද්ධව “ මහනායක හිමිවරුන්ගේ අත්සන හොරට ගහලා” යනුවෙන් පුළුල් ප්‍රචාරයක් ගෙන යමින් එම හිමිට විරුද්ධව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කරමින් උන් වහන්සේට විශාල අගෞරවයක් ඇති වන ලෙස මාධ්‍ය ඉදිරියේ චෝදනා කරන ලදී.
කෙසේ වෙතත් රජය සහ අරගලයට විරුද්ද කණ්ඩායම් උන් වහන්සේ සමග යම් දැඩි අමනාපයකින් සිටින බවද ඔවුන්ගේ යම් යම් ප්‍රකාශ වලින් දක්නට තිබේ.
කෙසේ වුවත් අස්ගිරි මහා නා හිමිගේ අත්සන සම්බන්ධයෙන් පැහැදිලි කරමින් උන් වහන්සේගේ පෞද්ගලික ලේඛම් ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් විසින් පැහැදිලි කරමින් සඳහන් කර තිබෙන්නේ එම අත්සන හොර අත්සනක් නොවන බවත්, මහනායක හිමි විසින් එම අත්සන තැබුවේ කැමැත්තෙන්ම බවත්ය.
එසේම මාධ්‍ය විසින් ප්‍රකාශ කල මෙම සිද්ධිය පිළිබදව කිසිම මාධ්‍ය ආයතනයක් උන් වහන්සේලාගෙන් ඒ පිළිබදව විමසීමක් නොකළ බවද සදහන් කරන උන් වහන්සේ සත්‍ය අසත්‍යතාව පිළිබදව නිසි විමර්ශනයකින් තොරව එවැනි කරනු සමාජ ගත කිරීම බරපතල වරදක් බවද උන් වහන්සේ පෙන්වා දෙයි.