ශිෂ්‍යත්ව, උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනසක්

රට තුළ උද්ගතව පැවති කොවිඩ් වසංගත තත්ත්වය සමග පාසල් පැවැත්වීමට බාධා එල්ලවීම හේතුවෙන් ඉදිරියේ දී විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී සංශෝධනයන් සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.

මෙලෙස යම් සංශෝධනයන් සිදු කෙරෙන්නේ ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී ය.

අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් එල්.එම්.ඩී.ධර්මසේන මහතා සඳහන් කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරියේ දී ශිෂ්‍යත්ව විභාගයට අදාළව ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී ඇගයීමට ලක්වන විෂය කරුණු ඇතුලත් චක්‍ර ලේඛනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන් ම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සඳහා ද ඒ අයුරින් යම් සංශෝධනයක් සිදු කිරීමට අධ්‍යයනය කරමින් සිටින බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් එල්.එම්.ඩී.ධර්මසේන මහතා විසින් සඳහන් කර ඇත.

මේ වන විට 11 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය තෙක් පාසල් සිසුන්ගෙන් 73% කට කොවිඩ් මර්දන එන්නත් ලබා දී අවසන් බව ද ඔහු මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Exit mobile version