ෂන්සයින් සුද්ධා ඝාතනයට තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට

ෂන්සයින් සුද්ධා නොහොත් අමිල ප්‍රසංග හෙට්ටි හේවා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් හට ඔහුව ඝාතනය කිරීම් සදහා ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

වාර්තා වන ආකාරයට ෂන්ෂයින් සුද්ධා ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් කෑගල්ල ප්‍රදේශයේ රහසිගතව සගවාගෙන එම අපරාධය සිදු කිරීමට සැලසුම් කිරීම සහ පහසුකම් සැපයීම මොහු සිදු කර ඇති බවට අනාවරණය වේ.

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්ම අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් මාතර වෙලම්බඩදී මොහු ඇත අඩංගුවට ගෙන ඇත.  

Exit mobile version