යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට ස්ථීර කර තිබේ. ඒ ලබන ජුනි මස පළවනදා සිටයි.
ඔහු මේ වනවිටත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
එසේම, මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතා ජුනි මස පළමුවනදා සිට නව යුද හමුදාපතිවරයා ලෙස නම් කර තිබේ.
ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි තනතුර ස්ථාපනය වී තිබෙන්නේ 2009 අංක 35 දරන පනතිනි.