ෂාෆ්ටර්ගේ රක්ෂණ මුදල සතියකට අත්හිටුවයි.

අද (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය අදාළ රක්ෂණ සමාගම්වල බලධාරීන්ට නියෝග කර තිබෙන්නේ අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙසයි.

වාර්තා වන ආකාරයට මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කර තිබේ.

ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තහවුරුවී ඇති බැවින් ඒ පිළිබඳව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහාය දැක්වීමක් ලෙස සතියක කාලයක් යනතෙක් අදාළ අයට එම රක්ෂණ වන්දි මුදල් ගෙවීම අත්හිටුවීමට එම රක්ෂණ සමාගම්වල බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ඉල්ලා තිබෙන බවට තවදුරටත් වාර්තා වේ.

Exit mobile version