ෂැගීගේ වීරක්‍රියාව

පසුගිය( 4)වන දින වයස අවුරුදු 44ක අලුයටවල,හෙබරව ප්‍රදේශයේ පදිංචිකරුවකු ගවයන් රැගෙන ඒමට ගොස් සිටියදී අත්රුදහන් ඇති බවට ඔහුගේ බිරිද දිව්ලපැලැස්ස පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

පසුව දිවලපැලැස්ස,දික්පිටිය කැලෑ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන අතර මේ පිළිබද කල විමර්ශනයෙදී අනාවරණය වුණේ පහරදීමකින් කල ඝාතනයක් බවයි.එම ස්ථානය තිබී මේ සදහා භාවිතා කළායැයි සැක කරන මුගුරක් හා ගලක් සොයාගැනීමට හැකියාව ලැබුණි. මේ පිළිබද වැඩිදුර විමර්ශන සදහා හසලක පොලිසිය විසින් අපරාධය සිදු වූ තැන තිබී සොයා ගන්නා මුගුරෙන් ලබා ගත් ඉව ඔස්සේ “ෂැගී”නමැති නිල සුනකයා යොදා ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.ඔහු එම ප්‍රදේශයේම පදිංචි මියගිය පුද්ගලයාගේම සහෝදරයෙකු බව දැනගන්නට ලැබුණි.

Exit mobile version