සංචරණ සීමා කඩකළ 718ක් අත්අඩංගුවට.

ගත වූ පැය 24 තුළ දී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 718ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 73 ද පොලිභාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට මේ වන විට නිරෝධයන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 61,006 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (28) දිනය තුළ දී බස්නාහිර පළාතේ ස්ථාපනය කර ඇති මාර්ග බාධක 13ක දී බස්නාහිර පළාතෙන් පිටවන සහ ඊට ඇතුළුවන වාහන 1,258 ක් සහ පුද්ගලයින් 2,082 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇත.

Exit mobile version