සංචාරකයන් හට කොවිඩ් 19 නීති දැමීම කල් යයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත්තේ දිවයිනට පැමිණන සංචාරකයන් වෙනුවෙන් කොවිඩ් 19  පැතිරීමේ පාලන නව ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමටයි.

මෙම කල් දැමීම ලබන 20 වන දා තෙක් පමණක් කල් තබන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කොට ඇත්තේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිකුරාදා (13) දින තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන් හට  කොවිඩ් 19 නව ක්‍රමවේදයන් හදුන්වා දීමටයි.

මෙම වසරේ ගතවූ දෙසතියට අඩුකාලයකදී සංචාරකයන් 37000 වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට පැමිණ ඇති බවත් වාර්තා වේ.

Exit mobile version