සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධව සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍ය රිරාන් අලස්ගේ සහභාගීත්වයෙන් සහ විෂය භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා ඇති බව වාර්තා වේ.
එම සාකච්ඡාවේදී සංචාරකයින් මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ක්ෂණිකව ක්‍රියාත්මක වන පොලිස් විශේෂ බලකායක් පිහිටුවීමට ද තීරණය කර ඇති බව කියයි.එමෙන්ම සංචාරකයින් සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පිළිබදව වාර්තාවක් සති දෙකක් තුළ ලබා දීමට තීරණය කළ බව සදහන් කරයි.
මෙහිදී සංචාරක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කළ බවද කියයි.
වාර්තා වන ආකාරයට සංචාරක කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ රාත්‍රියේ සංචාරක අවන්හල් විවෘතව තබන වේලාවන් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත.