සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ මෙම වසරේ ගතවූ කාල පරිච්ඡේදය තුළ දී සංචාරකයින්ගේ පැමිණීමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

කොවිඩ් වසංගත තත්ත්වය සමග පනවන ලද දැඩි සංචරන සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව මෙලෙස සංචාරකයින් පැමිණීම වර්ධනය වී ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

පසුගිය මස තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 44,294 ක් වන අතර මෙම වසරේ ගතවූ කාලය තුළ දී පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 104,989ක් බව ද එම අධිකාරිය පෙන්වා දෙයි.

Exit mobile version