සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ ඉදිරි මාස දෙකක කාලය තුළදී විදෙස් සංචාරකයින් දෙලක්ෂයක් පමණ දිවයිනට පැමිණේ යැයි අපේක්ෂා කරන බවයි.
පසුගිය ජනවාරි මස 21 වනදා විදෙස් සංචාරකයින් සදහා මෙරට විවෘත කරන ලද අතර වසරේ මුල් මාස 10 තුළ ඩොලර් මිලියන 130ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා සදහන් කර ඇත.
ලොව පුරා පැවති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අක්‍රමවත්ව පැවති සංචාරක ක්ෂේත්රය යළි පණ නගන්නේ ශීත සෘතුවත් සමගය.
එම කාලසීමාව ඉලක්ක කරගනිමින් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවද මෙම වසර අවසානය වන විට සංචාරක ආගමනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටද හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.