සංචාරක අමාත්‍යවරයා සහ නවසීලන්ත මහකොමසාරිස්වවරයාඅතර සාකච්ඡාවක්

නවසීලන්ත මහකොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා ,සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවේ දී පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සමග පුළුල් සංචාරක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන් ම ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිලිවෙළ පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කර ඇත.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඒකාබද්ධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් නවසීලන්තය සංචාරක කටයුතු සඳහා විවෘත කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට ද සූදානම් බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

Exit mobile version