සංචාරක කර්මාන්තයේ දියුණුවට නව සංචාරක කාඩ්පතක්.

මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ගණනය කර ගැනීම සහ ඔවුන් ගෙන එන විදේශ විනිමය එලෙසම බැංකු සමඟ හුවමාරු කර ගැනීමට හැකි වීම මෙම කාඩ්පතේ සුවිශේෂත්වයක් වන අතර මෙය එළිදැක්වීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෞද්ගලික බැංකුවක් සමඟ අත්සන් කර ඇති බවට වාර්තා වේ.

මෙම කාඩ්පත මගින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරකයන්ට විවිධ සේවා සපයන්නන් හා ගනුදෙනු කරන්නන් හට විවිධ වරප්‍රසාද හා සංචාරකයන් හට සුරක්ෂිතව මෙරටදී භාණ්ඩ හා සේවා ලබා ගැනීමට හැකියාවක් ඇති බව කියයි.

මෙම කාඩ්පත සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා ඉවහල් වන බව වාර්තා කරයි.

Exit mobile version