සංචාරක කාන්තාවගේ ඩොලර් 600 ක් අතුරුදහන්

රුසියානු ජාතික කාන්තාවකට අයත් ඩොලර් 600ක මුදලක් හික්කඩුව වෑවල ප්රදේශයේ සංචාරක හෝටලයක් තුලදී අතුරුදහන් වී ඇති බව සදහන් වේ.

මෙම කාන්තාව හෝටලයේ නවාතැන් ගෙන සිටිමින් ඇල්ල ප්‍රදේශයේ සංචාරය කොට නැවත නවාතැන් ගෙන සිටි හෝටලයට එන විට මෙම මුදල් තොගය අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්දයෙන් රුසියානු කාන්තාව විසින් හෝටලයේ හිමිකරුහට දැනුන් දීමෙන් අනතුරුව හිමිකරු හික්කඩුව  පොලිසියට දැනුම් දී ඇති බව පැවසේ.

පොලිසිය වැඩිදුර විමර්ශන අරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version