ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි Brazil සිට පැමිණි මැසිඩෝනියානු ජාතිකයෙක් සැකකටයුතු හැසිරීම මත නවතා පරික්ෂා කරන ලදී. එහිදී ඔහුගේ ගමන් බෑගයේ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් යන මත්ද්‍රව්‍ය 350g සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. මෙම සැකකරු කටාර් ගුවන් සේවයට අයත් QR664 දරණ ගුවන් යානයෙන් උදෑසන අටයි තිහට පමණ ලංකාවට ළඟා විය. සොයා ගන්නා ලද කොකේන් පැකට් හතරකට දමා සුප් පැකට් ආකාරයට අසුරා තිබිණි. මෙම කොකේන් වල වෙළෙඳපොළ වටිනාකම මිලියන 17 පමණ ආසන්න වන බව තක්සේරු කරන ලදී. සැකකරුගේ වයස 54 පමණ වන අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම අවස්ථාව මෙය බව කියයි. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සිදුකරනු ලබන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.
සංචාරක බෑගයක මිලියන 17 ක කෝකේන්
-
by publisher 1
- Categories: විමර්ශන
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024