සංචාරක හෝටලයේ ඝාතනයට සිව් දෙනෙක් අත්අඩංගුවට .

මාතර, මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටල් දෙකක් පවත්වාගෙන යන දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට සැකපිට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකරුවෙක් සහ සැකකාරියන් තිදෙනෙකු සිටින බවට පොලීසිය පවසයි.

සැකකරු උල්හවත්ත දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර සැකකාරියන් වයස අවුරුදු 18,40 සහ 55 යන වයස්වල පසුවන මිරිස්ස සහ අහංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා වැඩිදුර විමර්ශන සිදුකරන බවට පොලීසිය සඳහන් කර තිබේ.

ගසක් කැපීම හේතුවෙන් හටගත් ආරවුලක් දුරදිගයාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙලෙස පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ ඊයේ පෙරවරුවේදීය.

එහිදී මියගොස් තිබුණේ “මාකඳුරේ මදූෂ්ගේ” ගෝලයකු බව පැවසෙන “සන්ශයින් සුද්දාගේ” සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවට පොලීසිය පවසා තිබේ.

Exit mobile version