හෙට (07) මෙරට ට අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් පැමිණෙන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
වාර්තා වන ආකාරයට මෙරටට පැමිණෙන්නේ අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරී, ස්කොට් නේතන් වන අතර ඔහු දෙදිනක් මෙරට රැඳී සිටීමට නියමිතය.
ඒ අතරතුරදී සිය ආයතනය මගින් ආයෝජනය කිරීමට නියමිත ව්‍යාපෘති කිහිපයක් සඳහා අත්සන් තැබීමට නියමිත බව එම නිවේදනයෙහි දැක්වෙන බවට තවදුරටත් වාර්තා වෙයි.