සංවේදී පරිසර කලාප කිහිපයක් හඳුනා ගැනේ.

පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාව තුළින් නව පරිසර පද්ධති හතරක් හඳුනාගෙන ඇති අතර ඒවා මනෑව, ගඟේවාඩිය, එළුවන්කුලම හා ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රයෙන් හඳුනාගෙන ඇත.

පරිසර අමාත්‍යාංශය පවසන්නේ මින් පෙර මෙලෙස හඳුනා ගන්නා ලද පරිසර කලාප නම් කර නොතිබීම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එම පද්ධතීන්ට හානි සිදු වූ අවස්ථා වාර්තා වී ඇති බවයි.

මෙලෙස පරිසර පද්ධති විනාශ වීම වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශයේ විසින් සංවේදී පරිසර කලාප හඳුනාගෙන ඒවා නම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය විසින් ආරම්භ කර ඇත.

මෙම වැඩ පිළිවෙළ ඔස්සේ සංවේදී පරිසර කලාප හඳුනාගෙන ඒවා සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බැවින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එම පරිසර කලාප වලට හානි සිදු කිරීමට නීතියෙන් ඉඩ නොලැබේ.

Exit mobile version