සගයන් නිදහස් කරන්නැයි ඉල්ලමින් අන්තරේ අදත් පාරට

වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ගේ නියමිත දින 90 අද දින (18) සම්පුර්ණ වීම නිමිති කරගනිමින් නෙලුම් පොකුණ අසල සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසලින් මෙම විරෝධතාවය ආරම්භ විය.

එමෙන්ම ඊයේ (17) දින ඔවුන් දෙදෙනාව අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉන් පසුව ඔවුන්ව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මානවහිමිකම් සංවිධාන කිහිපයක් ම මෙම රඳවා තබා ගැනීම අසාධාරණ බව ප්‍රකාශ කර තිබෙන අතර අන්තරේ ඇතුළු සංවිධාන රැසක් මොවුන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලා තවදුරටත් සටන් කරමින් සිටියි.

Exit mobile version