සගවා තිබූ බිත්තර තොගයක්

වැඩි මිලට විකිණීම සදහා බිත්තර 60000කට ආසන්න ප්‍රමාණයක් සගවාගෙන සිටි ජා ඇල,දඩුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගබඩාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරින් ඊයේ (02) පියවර ගත් බවට වාර්තා වේ.

සමස්ත ලංකා බිත්තර වෙළද සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත මහතාට අයත් ජාඇල ප්‍රදේශයේ බිත්තර ගබඩාවෙන් බිත්තර මිලදී ගැනීම සදහා බව සදහන් කරමින් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙකු ඊයේ දහවල් එහි ගිය අතර එම නිලධාරියා ගබඩාවේ හිමිකරුගෙන් බිත්තර 260ක් ඉල්ලා තිබුනද ඔහු පවසා ඇත්තේ සිල්ලර මිලට බිත්තර අලෙවි නොකරන බවත් අවශ්‍ය නම් බිත්තර 10000ක් ලබා දිය හැකි බවයි.

මෙවන් වාතාවරණයක් තුල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් එහි ගියද ඔවුන්ගේ රාජකාරියට බාධාවක් වන අයුරින් ගබඩා හිමිකරු හැසිරීම හේතුවෙන් ඔවුන් පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කල අතර වැලිසර මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගබඩාව පරීක්ෂා කිරීමට අවසර හිමිව ඇති අතර එහි තිබී සුදු බිත්තර 60000කට් ආසන්න තොගයක් සොයා ගැණුණි.

ඒ අනුව වැඩි මිලට බිත්තර අලෙවි කිරීම,සගවා තබා ගැනීම ආදී කරුණු මත ගබඩාවට මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරිය පියවර ගත්තේය.ඒ අනුව බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 47කි.

Exit mobile version