සමගි ජනබලවේගය සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන පක්ෂ 11 වෙන් වෙන් වශයෙන්, අද (08) දිනයේදී ශ්රී ලංකා නීතිඥ සංගමය හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
පවතින අර්බුදයට විසඳුම් ලෙස ශ්රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව සහ සමගි ජනබලවේගය ඉදිරිපත් කළ යෝජනා මාලාව සම්බන්ධයෙන් අද (08) පෙරවරුවේ ඔවුන් දෙපාර්ශ්වය හමු වී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයින්ද ශ්රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. එහිදී අන්තර්වාර පාලන ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පවතින යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.