සජිත්ට අගමැති දෙනවා නම් අපි සහය දෙන්න සුදානම් – සජබ මන්ත්‍රී කණ්ඩායමක්.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති වන රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් සජිත් ප්‍රේමදාස මහතා වෙත එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම් යන කොන්දේසිය මත වත්මන් ජනාධිපති වන රනිල් වික්‍රමසිංහ මහතා හට සමගි ජන බලවේගයේ  සහය පල කිරීම සුදුසු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසකගේ මතය වී ඇති බව වාර්තා වේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තාවන්නේ.

ඉදිරියේදී ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් පවත්වා ජනාධිපති රනිල්  වික‍්‍රමසිංහට සහය දීමට සමගි ජන බලවේග පක්‍ෂයේ මන්ත්‍රී වරුන් පිරිසක් කැමති බවත් ඒ බව  පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට දැනටමත් පවසා ඇති බවත් පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් සදහන් කොට ඇත්තේ  වික‍්‍රමසිංහ මහතා විසින් එවන් අවස්තාවක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කරනු ඇති බවත් ඒ සදහා  ගිවිසුමක් අවශ්‍ය නැති බවයි. මෙම ප්‍රශ්නය මත එම පක්ෂයේ සාමාජිකයන් දෙකඩ වෙමින් පවතින බවද වාර්තාවේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් මහනුවරදී පවසා ඇත්තේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එකට එක්ව එක ගමනක් යා යුතු බවයි.

Exit mobile version