සජිත්ට සුව වෙන්න කියල පූජාවකුත් තියලා. වඩිවෙල් සුරේෂ් තනතුරු අත්හරී

තමන් සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් අද (පෙබ. 9) සිට එම තනතුරුවලින් ඉල්ලා අස්වන බව ඔහු සඳහන් කර ඇත.

අද මඩුල්සිම පැවති මැතිවරණ ප්‍රචාරණ රැස්වීමට සහභාගි වන බවට කලින් ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෞඛ්‍ය හේතු මත ඊට සහභාගි විය නොහැකි බව පසුව දැනුම් දුන් නමුත් සජිත් ප්‍රේමදාස වැලිමඩ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගි වී ඇති බව වඩිවේල් සුරේෂ් මහතා ප්‍රකාශ කරන ලදී.

තමන් සංවිධායකවරයා ලෙස ජනහමුව සුදානම්කර තිබු බවත් ජනතාව එහි පැමිණ සිටියේ ඔවුන්ගේ රාජකාරි නවතා බව ත් අසනීපයක් යැයි සඳහන් කළ හෙයින් සජිත් ප්‍රේමදාස මහතාට සනීප වන්නැයි පූජාවක් තැබූ බව ත් වඩිවේල් සුරේෂ් සඳහන් කර තිබේ.

ජනතාවට තමන් ද “බොරුකාරයෙක්” වුණු බව ත් ඒ හේතුවෙන් තමන් පක්ෂයේ සියලු ම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වැඩිදුරට ත් ප්‍රකාශ කරන ඔහු පක්ෂයෙන් ඉවත්වන බවක් ප්‍රකාශ නොකරයි.

Exit mobile version