හෙට (4) දින පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උළෙල සදහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවීමට තීරණය කළ බව වාර්තා වේ . රට මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටියදී අති විශාල මුදලක් වැය කරමින් මෙවැනි උත්සවයක් පැවැත්වීම උචිත නොවන නිසා විපක්ශ නායකවරයා නිදහස් උළෙලට සහභාගී නොවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.
දෙමළ ජාතික සංවිධානය සහ ශ්‍රී ලංකා කතෝලික සභාව ද නිදහස් දින සැමරුමට සහභාගී නොවන බවට දැනුම් දී ඇති බව වාර්තා වේ.