ලෝකයේ කොහේ හෝ වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන්නේ නම් ශ්‍රී ලංකාවේ කුමක් හෝ වංචාවක් තිබෙන බවද පවසමින් ශ්‍රී ලංකාවේ විවිධ මට්ටමේ දේශපාලඥයන්ගේ බරපතල වංචා දූෂණ සහිත ලිපි ලේඛණ මාධ්‍යයට ඉදිරිපත් කරන ලද්දේ අද (03) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.
එහිදී අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා තානාපති කාර්යාලයක් විවෘත කිරීමේදී සිදු කළ අමෙරිකානු ඩොලර් මිලියන 3.3ක අයතා මුදල් පරිහරණය මුලින්ම ඉදිරිපත්කරමින්, බැසිල් රාජපක්ෂගේ දේපල තිබෙන්නේ තීරු නඩේෂන්ගේ නමින් බව සදහන් කරන ලදී. 2014 වසරේදී මැතිවරණයට දින කිහිපයකට පෙර ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා මිලියන 4,100ක් චීන සමාගමකට ලබා දීම හා චීන සමාගම තිරු නඩේසන්ගේ සමාගමකට අයත් වෙනත් ගිණුමකට ඩොලර් මිලියන 5ක් මාරු කිරීම හා එම මුදල් යොදාගෙන මල්වානේ ඉඩම මිල දී ගැනීම සම්බන්ධයෙන් හෙළිදරව් කෙරිණි. එහිදී අනාවරණය වන්නේ එම මුදල් වලින් කිසිම ආකාරක ව්‍යාපෘතියක් සිදු නොකර මුදල් ගෙවා ඇති බවයි.
ප්‍රංශ එයාර් බස් ගනුදෙනුව හරහා ඩොලර් බිලියන 2.2ක් වටිනා ගුවන් යානා 14ක් මිල දී ගැනීම සහ එම සාකච්ඡා එවකට කතානායක චමල් රාපක්ෂගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ සිදු කිරීම, එම ගුවන් යානා මිල දී ගැනීමේදී කප්පම් වශයෙන් ඩොලර් මිලියන 16ක් යෝජනා වීම මෙන් ම එයින් ඩොලර් මිලියන 2ක් කප්පමක් ලෙස ලබා ගැනීම පිළිබඳව ද එහිදී හෙළිදරව් කරමින් චමල් රාජපක්ෂ මහතාගේ පුතා එයාර් ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු බවද සදහන් කරන ලදී. මේ එයාර් බස් ගනුදෙනුව ලංකාවේ ලොකුම ගනුදෙනුව බවද සඳහන් කරන ලදී. මෙම ගිවිසුම යහපාලන සමයේදී අවලංගු කල බවද ඒ සදහා ද විශාල මුදලක් ඩොලර් මිලියන 115 ක් ගෙවා තිබෙන බවද සදහන් කරන ලදී.
එමෙන් ම, එහිදී යෝෂිත රාජපක්ෂ මහතාගේ දේපළ සහ ඉඩම් සම්බන්ධයෙන් ද හෙළිදරව් කෙරුණු අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ද දේපළ ලැයිස්තුවක් සම්බන්ධයෙන් ද හෙළි කෙරෙණි. එහිදී ඔහු පෙන්වා දුන් ආකාරයට යෝෂිත රාජපක්ෂට අයත් දේපල ලෙස සිරිබෝපුර කැලය,CSN නාලිකාව ආදී ලැයිස්තුවක් ආදියද ඉදිරිපත් කරන ලදී.
2015 ජනාධිපතිවරණයේදී එවකට අපේක්ෂකයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන යොදා ගැනීම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අරමුදලේ බිලියන තුනක් අනුමැතියකින් තොරව වියදම් කිරීම පිළිබඳව ද එහිදී හෙළිදරව් විය.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ වත්කම් හා දේපළ පිළිබඳව ද එහිදී හෙළිදරව් කෙරිණි. එහිදී ඔහුට අයත් සිංගප්පූරු බැංකු ගිණුම් දෙකක් සම්බන්ධයෙන් සහ කටුනායක ගුවන්තොටුපොළේ ඔහුට අයත් තීරුබදු රහිත වෙළඳසල් දෙකක් තිබෙන බව ද හෙළිදරව් කෙරිණි. එසේම මහබැංකු බැදුම්කර වංචාව සිදුකිරීමට හකවන ලෙස පදනම සැකසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ බවද පෙන්වා දෙන ලදී.
මෙහිදී කැබිනට් මණ්ඩලයද නීති විරෝදීව කටයුතු කර තිබෙන බවද එවැනි නීති විරෝදී ව්‍යපෘති 52 ක් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කරන ලදී. එසේම විවිධ ව්‍යපෘති සඳහා මිල ගණන් වල වැඩි වීම සියයට 417 ක් බවද අනාවරණය කරන ලදී.
එසේම හිටපු මහබැංකු අධිපති විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වෙනස් කිරීම සදහා ඇමරිකානු CIA සංවිධානයේ සුබේරු නමැති නිලධාරියෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක් මුදලක් ගෙවා තිබෙන බවද එසේ කිරීම සදහා එම මුදල් යොදාගෙන නැති බවට ඇමෙරිකාව සඳහන් කරන ලද බවද සඳහන් කරන ලදී.
තවදුරටත් තොරතුරු හෙළි කරමින් ඔහු සඳහන් කළේ, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට එරෙහිව අල්ලස් ගැනීම පිලිබඳවද එම කොමිෂන් සභාවේ ම විමර්ශනයක් සිදු කෙරෙන බවද සඳහන් කරන ලදී.
මාධ්‍ය ආයතන හිමිකරුවන්, නඩු විභාග කරන ස්ථානවලත්, රාජ්‍ය පරිපාලන සේවයේ මෙන්ම පොලිසියේත්, විමර්ශන නිලධාරින්ද ඉතාම කුඩා ප්‍රමාණයක් ද ආදී ලෙස මෙම වංචා දූෂණ ලයිස්තුවේ සිටින බවද, මෙම දූෂණ වළල්ල නැති කිරීමට නම් මහජනතාව දූෂණයට එරෙහිව නැගී සිටිමින් දැඩි පවුරක් ගොඩ නැගිය යුතු බවද පෙන්වා දෙන ලදී. එසේම හුදෙක් ආණ්ඩු මාරුවකින් මෙම දූෂණය සහ වංචාව නැවැත්විය නොහැකි බවද පෙන්වා දෙන ලදී.
මෙහිදී රාජ්‍ය ආයතන වල ප්රධානීන්ටද චෝදනා එල්ල කල අතර ඒවා පැහැදිලි කරන ලදී. එහිදී ඔවුන් සතුව තවමත් ඉදිරිපත් නොකරන ලද දූෂිත ගනුදෙනු විශාල ප්‍රමාණයක් තිබෙන බවද පැහැදිලිවම ප්‍රකාශ කරන ලදී. ඔහුගේ ප්‍රකාශයට අනුව තවමත් ලැබෙමින් පවතින ලිපි ගොනු විශාල ප්‍රමාණයක් තිබෙන බව ද පැහැදිලි විය. අප සඳහන් කරන ලද තොරතුරුවලට වඩා වැඩි විස්තර සමුදායක් ඉදිරිපත් කල බැවින් සම්පූර්ණ විස්තර පහත වීඩියෝ එකෙන් ගන්න.
සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් —— සම්පූර්ණ කාලය පැය දෙකයි විනාඩි අටක් සහ තත්පර විස්සකි. අටවැනි විනාඩියේ සිට වංචා දූෂණ ඉදිරිපත් කරයි.