දින කිහිපයකට ගාසා ඉලක්ක වෙත ප්රහාර නතර කිරීමට ඊශ්රායල කැබිනට් මණ්ඩලය එකඟතාව ලබාදී තිබෙන අතර එම එකඟතාවය අනූව ඊශ්රායලය විසින් සිය සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ දරුවන් 150ක් නිදහස් කිරීමට නියමිතවේ.
වාර්තා වන ආකාරයට එසේම දින 4ක් සඳහා ඊශ්රායල සහ හමාස් අතර සටන් නැවැත්වීමට ද එකඟ වී තිබෙන අතර ඊට ප්රතිචාර වශයෙන් හමාස් සංවිධානය පැහැරගත් ඊශ්රායල ප්රාණඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිත වේ.