පසුගිය දෙදින තුළ දී සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් ආයතන ඔස්සේ රු.ලක්ෂ 54 98,319ක ආදායමක් ලැබී ඇත.
පසුගිය 25 සහ 26 යන දෙදින තුළ දී දෙහිවල,පින්නවල සහ සෆාරි උද්‍යානය ඇතුළු තවත් ආයතන කිහිපයකට මෙම අදායම ලැබී ඇති බව සඳහන් වේ.
සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 25 වනදා මෙම ස්ථාන වෙත නරඹන්නන් 12,807ක් සහ ඊයේ (26) දිනයේ දී 18,358ක් ද පැමිණ ඇති බවයි.