සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන්නේ කෙසේද?

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ සතිඅන්තයේ රාත්‍රී කාලයේදී විදුලිය කප්පාදවක් සිදුනොවන බවයි.

නමුත් හෙට (26) දිනයේ A,B හා C යන කාණ්ඩවල පැය 03ක විදුලි කප්පාදුවක් ද අනෙකුත් කලාපවල පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් ද සිදුවන බව එම කොමිසම ප්‍රකාශ කරයි.

ඉරිදා දිනවල දී A,B හා C කලාපවල දහවල් කාලය තුළදී පැය  දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව ද සඳහන් වේ.

කෙසේ නමුත් අනෙක් කලාපවල විදුලිය විසන්ධි කිරීමක් සිදුනොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරන ලදී.

Exit mobile version