රටේ සතුන් වඳවී යාමේ තර්ජනයකට මුහුණ දුන්නේ අද ඊයෙක නොවන නමුත් මේ මොහොතේ හෝ ඒ පිළිබඳ අවධානය යොමු වීම සතුටට කරුණකි.ඇතුන් මරා දළ කපන, කොටින් මරා සම ගන්න පාපතර රටක් බවට අද වන විට මේ බෞද්ධ රට පත්ව හමාරය.
මේ අතර වඳවීමේ යාමේ තරුජනයකට මුහුණ පා සිටින කඳුකර කොටියා ලෙස හඳුන්වන කොටි විශේෂය රටේ සම්පතක් ලෙස සලකා ආරක්ෂා කළ යුුතුව ඇති බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති වනජීවී හා වනසම්පත් පිළිබඳ සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම අදහස් දක්වා තිබේ.
මිනිසුන් විසින් අටවන ලද මදුවලට හසු වී මෙම වසරේ ගතව ඇති කාල පරිච්ඡෙිදය තුළ කඳුකර කොටින් 06 දෙනකෙු පමණ මරණයට පත්ව තිබේ.
එමෙන්ම තවත් කඳුකර කොටියන් 05 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබී ඇති බව ද වාර්තා වේ.
අපේ රටට අවේණික වූ සත්ත්ව විශේෂ බොහොමයක් මේ වන විටත් වඳවී ගොස් හමාරය.තවත් මෙවැනි ම වූ දුර්ලබ ගනයේ වන සතත්ත්ව සම්පත විනාශ වෙමින් පවතියි.
මෙම වන සතුන් වඳව යාමේ ක්‍රියාවලියට හේතු වන කරුණු පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු වහාම ගත යුතුව තිබේ.කෙසේ නමුත් සතුන්ගේ වාස බවනට කඩා වැදෙන මනු සතා එහි වැට මායිම් බැඳ බෙදා වෙන්කර ගන්නා විට සතුන්ට සිටීමට තැනත් නොමැති වේ.
ඉන්න හිටින්න, කන්න කෑමක්, බොන්න වතුර ටිකක් නැතිව අසරණ වන විට ඔවුන් මිනිස් ජනාවාස කරා හෝ ගොවි බිම් වෙත ඇතුළු වන්නේ කුස පුරවා ගැනීම සඳහා ය.සතුන්ට වඩා අන්ත මනු සතාගේ ක්‍රියා නිසා පාලනය වන තෙක් මෙවැනි විනාශ වළක්වා ගත නොහැක.