සතොසෙත් සීනි මිල ඉහළට .

ලංකා සතොස රුපියල් 275 කට අලෙවි කළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 20 කින් වැඩි කරමින් සුදු සීනි කිලෝවක් රුපියල් 295 කට අලෙවි කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරන බව වාර්තා වේ .

රාජ්‍ය ආයතනයක් හැටියට ජනතාවට අඩු මිලට සීනි සපයන බවට පවසමින් සති දෙක පමණ කාලයක් සීනි කිලෝවක් රුපියල් 275 කට අලෙවි කළ අතර සාමාන්‍ය වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 290 කට මිලදී ගත හැකි බවත් , රාජ්‍ය ආයතනයක් වන සතොස මේ ආකාරයට සාමාන්‍ය වෙළඳපොළේ මිලට වඩා වැඩි මිලකට සීනි අලෙවි කිරීම පිළිබඳ කණගාටුවන බවත් පාරිභෝගිකයන් වැඩි දුරටත් සඳහන් කරති.

Exit mobile version