සතොස තුළ වංචා රැසක්

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වැඩසටහනකට සම්බන්ධ වී සතොස ජාලය තුළ සිදුවන වංචා දූෂණ රාශියක් පිළිබදව දැවැන්ත හෙළිදරව්වක් සිදුකර ඇත.

එහිදී ඔහු පෙන්වා දුන්නේ සතොස තුළ සිදු වූ එකම අපරාධය, වංචාව සුදු ළූණු වංචාව පමණක් නොවන බවත් එහි එවැනි වංචා රාශියක් පෙර සිටම සිදුව තිබෙනවා මෙන් ම මේ වන විටත් සිදුවන බවයි.

උදාහරණයක් වශයෙන් සතොස වෙත රැගෙන එන ලද උඳු තොගයක් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතිනවා යනුවෙන් ව්‍යාජ ලේඛණ සකස් කර වෙනත් පෞද්ගලික සමාගමකට විකුණා ලාභ ලබා ගැනීමේ තත්ත්වයක් පසුගිය කාලයේ දක්නට ලැබෙන බවයි එතුමා සඳහන් කළේ.

මෙවැනි ආකාරයේ වංචා රාශියක් මෙම සතොස ජාලය තුළ සිදුවන බවත් ඒවාට සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන යනවා වෙනුවට ඔවුන් ආරක්ෂා කරමින් එම ආයතන තුළම තබා පෝෂණය කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එසේම අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල යොදාගනිමින් මෙම ආයතන මෙහෙයවීම සිදුවන බවට ද ඔහු ප්‍රකාශ කළ අතර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් තමන්ගේ කැමැත්ත පරිදි සතොස සැපයුම් කරුවන් තීරණය කර ඇති අතර මේ වන විට ඔවුන්ගෙන් වැඩි මිලට සතොසට භාණ්ඩ ලබාගෙන අඩු මිලට භාණ්ඩ විකිණීම තුළින් දැවැන්ත පාඩුවක් සිදුව ඇති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.

මේ වන විට සතොස භාණ්ඩාගාර තුළ භාණ්ඩ තිබිය දී හිතාමතා භාණ්ඩ හිඟයක් ඇති කර එතුළින් ද ලාභ ලබා ගැනීමට වෑයම් දරන බවක් පෙන්නුම් කරන බවත් මෙම වංචාවන් අද ඊයෙක සිට සිදුවන්නක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

අදාළ සම්පූර්ණ වැඩසටහන පහතින්,

Exit mobile version