මේ දිනවල කතා බහට ලක්ව තිබෙන සතොසේ භාණ්ඩ හිඟ වීමට සහ නැති වීමට හේතුව වන්නේ බොහෝ සතොස අලෙවි සල් වල භාණ්ඩ රාත්රියට හොර රහසේම සතොසේ ඉහල කලමණාකරුවන්ගේ හිතවතුන්ට මෙන්ම අදාළ ප්රදේශවල තිබෙන ඔවුන් හදුනා ගත් ව්යාපාරික ස්ථානවලට සතොසෙහි භාණ්ඩ පස්සා දොරෙන් යැවීමයි.
එවැනි ස්ථාන කිහිපයකම නම් අප සතුව පවතින අතර අපගේ කණ්ඩායම් තව දුරටත් සාක්ෂි සොයාගැනීමට වෙහෙසෙන බැවින් එම නගර සහ අළෙවිසල් පිලිබඳව නම් ප්රසිද්ධ කිරීම ඉදිරියේදී සිදු කරනු ඇත. සතොස මෙන්ම ලක් සතොසද මේ වන විට ඇත්තේ කුමන ස්ථානයක්ද යත් එය ලංකාවේ වැඩියෙන්ම හොරකම් සිදුවන සහ කොමිස් ගැහිල්ලෙන් ඉදිරියෙන්ම තිබෙන අයතයන් බව පසු ගියදා චමුදිත සමරවික්රම මහතා සමග පවතී සකච්චාවකදීද අනාවරණය විය.