සනත් නිශාන්තගේ ආරක්ෂක නිලධාරියාගේ අවසන් කටයුතු ආචාර සමාචාර මැද සිදු විය

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිළධාරියෙකු ලෙස කටයුතු කළ ඇමති ආරක්ෂක සේවයේ පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ අවසන් කටයුතු ඊයේ (27) පස්වරුවේ පොලිස් ආචාර මැද හාරිස්පත්තුව මරවනාගොඩ පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා විසින් අනුරාධ ජයකොඩි මහතාව පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමට පියවර ගෙන තිබේ .ඒ මහතා පොලිස් සේවයේ යෙදී සිටියදී පිරිනැමුණු පදක්කම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානකී කුමාරි සෙනෙවිරත්න මහත්මිය විසින් අනුරාධ ජයකොඩි මහතාගේ භාර්යාවන ලක්ෂිකා ප්‍රසාදනී බාලසූරිය මහත්මිය වෙත භාර දුන්නාය.

පොලිස් සේවය තුළ පදක්කම් රාශියක් ලබා ඇති මේ මහතා කීර්තිමත් පොලිස් නිලධාරියෙක් බවත් පොලිස් දෙපාර්තමේන්තුව මෙම නිළධාරියාගේ අභාවය වෙනුවෙන් ශෝකය පුද කරන බවද දැනුම් දුන්නේය.

යෝලන්ඩ් පෙරේරා මහනුවර (kandyprime)

Exit mobile version