සනත් නිශාන්තට ගහන්න බැරිකමට ජීප් එකට ගහලලු

ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ මෝටර් රථය අද අලුයම මාරවිල ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටී ඇති අතර, පසුව ගැටුණු රථයේ සිටි පිරිස රාජ්‍ය ඇමැතිවරයාගේ රථයට පහර දී තිබෙන බවට මාධ්‍ය කිහිපයක් වාර්ථා කර තිබේ


රාජ්‍ය ඇමැතිවරයා උත්සවයකට සහභාගිවීම සඳහා දංකොටුව බලා යමින් සිටියදී මාරවිල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිටදී මෙම අනතුර සිදුව තිබෙන අතර

සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් මෝටර් රථයේ සිටි කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන් වේ.


ජීප් රථයේ සිටි රාජ්‍ය ඇමැතිවරයා සහ ජීප් රථයට සිදුවූ අලාභහානි දැකීමෙන් කෝපයට පත් ව්‍යාපාරිකයා යකඩ බටයකින් ජීප් රථයට පහරදී ඇති බව ද මාධ්‍ය වාර්ථා කර තිබේ.

Exit mobile version