ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂට මර බිය ගෙනෙන්න සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද මරණයෙන් බේරීම උදෙසා සැගවීමට ප්‍රධානතම සිදුවීම සිදු වුයේ මැයි මස 9 වැනිදා කුමන්ත්රණකාරී ලෙස සාමකාමී ලෙස පැවති ගාලුමුවදොර අරගලයට පහර දීමයි. එයට ඉහලින්ම චෝදනා ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ බස්නාහිර පළාත්භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් යන මහත්වරුන්ය.
ඔවුන්ට අවශ්‍ය සාමය නොව භීෂණය බව නැවතත් පෙන්වා දෙමින් මිට ඉහත දී දකුණේ කැරලි මර්ධනය කළ ආකාරයටම (71/88/89) වත්මන් අරගලයද මර්ධනය කළ යුතු බව පොහොට්ටු පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඊයේ ප්‍රකාශ කරන ලද්දේ පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පවතී මාධ්‍ය සාකච්ඡාවකදීය.
”බංකොලොත් වෙච්ච පෙරටුගාමී පක්ෂය, 3% කඩා වැටිච්ච ජනතා විමුක්ති පෙරමුණ මේ කණ්ඩායම ගෑස් පෝලිමේ ඉන්න ඉන්ධන පෝලිමේ ඉන්න ජනතාව ඒකරාශි කරගෙන පටන් ගත්ත අරගලය මේ කැරැල්ලට හරියටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුහුණ නොදුන්න එකේ ප්‍රතිපලයක් විදිහට එතුමාට සිද්ද වුණා ජනාධිපතිධුරය දාලා රට අතෑරලා යන්න” ඔහු ප්‍රකාශ කළේය.
”ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට හරියට මුහුණ දුන්නේ නෑ කියන එකයි මගේ පෞද්ගලික මතය. මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය නෙවෙයි මේක සනත් නිශාන්තගේ මතය. සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය 71 කැරැල්ලට මුහුණ දුන්නා නම්, 1988 1989 ජේ. ආර්. ජයවර්ධන මහත්මයාට ප්‍රේමදාස මහත්මයාට ඒ කැරැල්ලට මුහුණ දෙන්න පුළුවන් උනා නම් එදා ත්‍රස්තවාදීන්ව මර්ධනය කරගත්තානං අද මේ ත්රස්තවාදීන්ට බුදු ගුණ ගයලා හරියන්නෑ”
”නවගුණවැල කරේ දාගෙන හරියන් නෑ. මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ඒ සලකන්න ඕන විදිහට සලකපු නැති එකේ ප්‍රතිපලයක් හැටියට මම හිතන්නේ”
ඔහු තව දුරටත් අදහස් දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු සමග තිබෙන සමීප සබඳතාවය ද සදහන් කරන ලදී.
”අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ගිය වෙලාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගෙත් එක්ක කිව්වා සමහර වෙනම කුටි තියෙනවා ගංජා ගහනකුටි, සමහර කුටි තියනවා අයිස් ගහන කුටි, සමහර කුටි තියෙනවා හෙරොයි ගහන කුටි. ඔබතමුන්නාන්සේලා දකින්න ඇතිනේ සමාජ ජාලාවල ගියා. පොලිසිය යන්න පොලිසිය යන්න මේක අපේ ගම. දැන් ඒ ගමේ නීතියක් නැද්ද? මේ රටේ ග්‍රාම සේවා වසම් දාහතරදාහස් විසිදෙකක් ලියාපදිංචි අංකයක් තියන තියන ග්‍රාම නිලධාරි වසමේ තියන නීතිය ගෝඨා ගම කියන ගමට නැද්ද?” ආදී ලෙස ඔහු ප්‍රකාශ කරන ලදී.
ඔහු කෙලින්ම ප්‍රකාශ කරන්නේ 88/89 කාලයයි. එම කාලයේ සිදු වුයේ ටයර් සෑයවල්වල විවිධාකාරයේ පුද්ගලයන් පිලිස්සීම සහ දස වධ දී මරා දැමීමයි. ඔහු ප්‍රකාශ කරන්නේ නැවත එම යුගය අවශ්‍ය බවයි. එම කාලයේ කල ලෙසම කිරීමට අද ලෙහෙසි නොවනු ඇත. එසේ කරන්නට යාමෙන් ආරක්ෂක අංශ වල පවුල්වලට හානි සිදුවිය හැකිය. සාන්ත නිශාන්තගේ එම ප්‍රකාශය අප දැඩි ලෙස පිළිකුල් කරන අතර එයින් ඉඟි කරනුයේ පොදුජන පෙරමුණ එවැනි භීෂණයක් ඇති කිරීමට සූදානම් වන බවයි. මෙවැනි ප්‍රකාශ සාමාන්‍ය ලෙස බැහැර කල නොහැකි අතර ආරක්ෂක අංශ සහ ඔවුන් එකතුව එවැනි යුගයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතී. එම ප්‍රකාශය ඔහුගේ පුද්ගලික මතය වුවත් එය ප්‍රකාශ කරන්නේ පොදුජන පෙරමුණේ මූලස්ථානයේදීය.
ඒ බව පිළිගැනීමට ප්‍රධානතම හේතුව නම් මැයි මස 9 වැනිදා දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු සමහර පොලිස් නිලධාරින් සමග එකතුව සිදුකල පහර දීමයි. දැන් නැවතත් භීෂණය අවශ්‍ය බව, එම අරගලයේ සිටින තරුණ තරුණියන් මරා දැමිය යුතු බව ඔහු වක්‍රාකාරයෙන් ප්‍රකාශ කරන්නේ පොදුජන පෙරමුණ සහ එහි සාමාජිකයන් භීෂණයකට සුදානම් වෙමින් පවතින බවයි. ඔවුන් මරා දැමිය යුතු බව සෘජුවම සදහන් නොකරන නමුත් ඔහු ප්‍රකාශ කරන 71,88,89 කාලවල් වලදී සිදු වුයේ අරගලකරුවන් මරා දැමීමයි.