සනත් නිශාන්ත ඉල්ලගෙන කයි. අධිකරණයට අපහාස කලයි නඩු පැවරෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත විසින් පසුගියදා අධිකරණය සහ නීතිඥවරු පිලිබඳව බරපතල ප්‍රකාශයක් කරන ලදී. එය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කල ප්‍රකාශය හා සමාන ප්‍රකාශයකි.

ඔවුන් පිස්සුවෙන් වාගේ කියවාගෙන යන්නේ නීතිය පිලිබඳව තිබෙන නූගත්කම නිසා හෝ පාලනය පිලිබඳව දැනුමක් නැති නිසා විය හැකිය. ඒ කෙසේ වෙතත්  අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයෙකු වන ප්‍රියලාල් සිරිසේන මහතා ඔහුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥවරයෙකු වන ප්‍රියලාල් සිරිසේන මහතා තම පෙත්සම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දඬුවම් පමුණුවන ලෙස  ඉල්ලා තිබෙන අතර වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබේ. ඔහුගේ ප්‍රකාශය සදහන් වීඩියෝව පහතින් බලන්න

අදාළ ප්‍රකාශය කරන අයුරු (වීඩියෝවේ අයිතිය මුල් හිමිකරුගේය)
Exit mobile version