සනත් නිශාන්ත ගමෙන් පන්නයි!

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහභාගී වීමට නියමිත වූ මාර්ග සංවර්ධන වැඩසටහන් අවස්ථාවකදී එල්ල වූ ජනතා විරෝධය හේතුවෙන් ඒ මහතා අතර මගින් හරවා ගොස් ඇති බව වාර්තා වේ.

පුත්තලම දළුව ගම්මානයේදී මෙම මාර්ග සංවර්ධන වැඩසටහන සංවිධානය කර තිබී ඇති අතර විරෝධතාව හේතුවෙන් සනත් නිශාන්ත අමාත්‍යවරයා දළුව හන්දියට පමණක් පැමිණ හැරී ගොස් තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්න මහතාද සහභාගී වීමට නියමිතව තිබු බව වැඩි දුරටත් වාර්තා වේ.

Exit mobile version