සන්චාරකයන් හට  ප්‍රවේශ පත්‍ර ගාස්තු ඩොලර් වලින් ගෙවීමේ පහසුකම්

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය විසින් විදේශික සංචාරකයන් හට මෙරට වනෝද්‍යාන නැරබීමේ ප්‍රවේශ පත්‍රය ඩොලර් ගෙවා මිලදී ගැනීමට පහසුකම් සැලසීමට කටයුතු යොදා තිබේ.

විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසන් ඩොලර් ඉපැයීම වනුවෙන් මෙම අරමුණ ක්‍රියාත්මක කරණ ලෙස  අමාත්‍යංශයේ නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මෙහි පළමු අදියර ක්‍රියාත්මක කිරීම සදහා මෙම මාසයේ සිට යාල ජාතික වනෝද්‍යානය නැරබීමට පැමිණෙන විදේශික සංචාරකයන් හට ප්‍රවේශ පත්‍රය මිලදී ගැනීමට ඩොලර් ගෙවීමේ පහසුකම් සැලසීමට කටයුතු කරණ බව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් පවසා ඇත.

Exit mobile version