කෑන් වලට සහ බැරල් වලට ඉන්ධන ලබා නොදීමෙන් ශ්‍රී ලංකාව පුරා විහිදී තිබෙන සන්නිවේදන කුළුණු ගනනාවක්ම විදුලිය නොමැති අවස්ථාවට අක්‍රිය වී තිබේ.
බොහෝ සන්නිවේදන කුළුණු වල තිබෙන බැටරියද පැය දෙකකට වඩා ආරෝපණ තත්වයේ නොතිබෙන නිසා බොහෝ සන්නිවේදන කුළුණු විදුලිය නොමැති අවස්ථා වලට අක්‍රීය වී තිබේ.
එසේම විවිද කාර්මික ආයතනද මේ හේතුවෙන් නවතින ලකුණු පහලව තිබෙන අතර ගොයම් කැපෙන ප්‍රදේශ වල ගොයම් කපන යන්ත්‍ර, ඩෝසර් යන්ත්‍ර මෙන්ම බොහෝ ආයතන වල තිබෙන විදුලි ජනක යන්ත්‍රද ක්‍රියා නොකිරීමෙන්, විදුලිය නොමැති අවස්ථා වලට තම ආයතන පවත්වාගෙන යාමට නොහැකිව තිබේ.
තීරණයක් ගැනීමට පෙර ප්‍රයෝගික තත්වයන් නොදැන තීරණ ගැනීමෙන් සමස්ත දේශයම අනතුරේ වැටෙන අතර පරිපාලන ශ්‍රේණියේ සමහර නිලධාරීන්ගේ මෙවැනි පරිපාලනමය දුර්වලතා නොහොත් රටේ පරිපාලනය නොදැන කාලාන්තරයක් තිස්සේ ගත් විවිධ තීරණ අද සමස්ත දේශයටම බලපෑ තිබේ. සෑම ක්ෂේත්රයක්ම දුර්වල වී ශ්‍රී ලාංකීය ජනයාට එදා වේල හොයා ගැනීමට නොහැකිව තිබෙන්නේ අවුරුදු ගණනාවක සිට වැරදි කරමින්, වංචා කරමින්, දූෂණ කරමින් තම රැකියාව ව්‍යාපාරයක් කර ගත් මව් සාපයක් වන ලෙස ගත් පටු තීරණ නිසාය. බොහෝ දෙනෙකු දෙශපාලයාට බන වැදුනද, දේශපලකයාටද හොරකම් කිරීමට හැකි ලෙස සියල්ලම සිදු කලේ පරිපාලන සේවයේ සිට දේශයම නොමග යැවූ නිලධාරීන් බව අපේ රටේ බොහෝ දෙනෙකු දැනගෙන නොසිටීම ඔවුන්ගේ වාසනාවය. එසේ නොමැති වූවානම් අද ජනතාවගෙන් ගුටි කන්නේ දේශපාලකයා නොව, රාජ්‍ය පරිපාලන නිලධාරීන්ය.