සඳහිරුසෑයේ ඉදිකිරීම් කටයූතු 2010 වසරේදී ආරම්භ කෙරුණු අතර සියලු වැඩ නිම කරන චූඩාමාණික්‍ය පැලඳවීමේ පුණ්‍යයෝත්සවය අද (08) දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.
ඒ අනුව බෞද්ධ බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා එළඹෙන 18 වැනි දා මහා සංඝරත්නය වෙත භාර කෙරෙන බවයි එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ.
අඩි 283ක උසකින් යුත් සඳහිරු සෑය ඉදිරිකෙරුණේ තිස්වසරක් පැවති යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමට සහ ඒ වෙනුවෙන් දිවි කැපකළ රණවිරුවන්ට උපහාරයක් ලෙසින් ඔවුන් සිහිපත් කරමින් වන අතර එහි ආරම්භක පියවර තබන ලද්දේ එවකට ජනපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.