සපත්තු වව්චර් බෙදාදීම

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ සපත්තු වවුචර් බෙදාදීම දෙසැම්බර් මස 4 වැනිදා ආරම්භ කරන බවයි.

වාර්තා වන ආකාරයට අද( 27) පාර්ලිමේන්තුවේදී ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වේ.

වවුචර පත් බෙදාදීම ලබන 27 වැනිදා අවසන් කරන බවත් දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට වවුචර පත් බෙදා හරින බවත් පැවසූ අමාත්‍යවරයා දුෂ්කර අති දුෂ්කර සහ හුදෙකලා පාසල් මේ සඳහා තෝරාගෙන ඇතැයිද ප්‍රකාශ කර තිබේ.

Exit mobile version