සබරගමුවේ සරසවි සිසුන්ට උපකුලපතිගෙන් නිවේදනයක්.

සබරගමු විශ්වවිද්‍යලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් පළමු වසරේ සිසුන් පිරිසකට පහර දීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් සිසුන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව නේවාසික පහසුකම් ලබන සියලුම පීඨවල 2020/2021 කණ්ඩායමේ සිසුන් නේවසිකාගාරවලින් ඉවත් වීමටත් , සියලුම පීඨවල 2020/2021 කණ්ඩායමේ සිසුන් හැර අනෙකුත් සිසුන් අද (16) දින පස්වරු 4න් පසුව සරසවි භූමියේ රැදී සිටීම තහනම් බවත් , 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින්ට නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යලයේ අධ්‍යන කටයුතු තාවකාලිකව නවතා වසා දමා ඇති බවත් එම නිවේදනයේ සදහන් බව කියයි.

Exit mobile version