ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ ප්‍රධානතම බෙදීම වන්නේ කොටසක් මධ්‍යම රජය මගින් සහ තවත් කොටසක් පළාත් ආණ්ඩුව මගින් පාලනය වීමයි. මධ්‍යම රජය මගින් පාලනය නොවන බොහෝ ආයතන පාලනය වන්නේ පළාත් ආණ්ඩුව නොහොත් පළාත් සභාව මගිනි. මේ වන විට පළාත් ආණ්ඩු විසුරුවා හැර තිබේ. පළාත් පාලනය සිදුකරනුයේ ආණ්ඩුකාරතැන විසිනි. ඊට අමතරව අනෙකුත් සියලුම අමාත්‍යංශවල කටයුතු සියල්ලම පාලනය කිරීම පළාත් ප්‍රධාන ලේකම් යටතේ සිදුවේ. ඒ අනුව පලාතක සිදුවන සියලුම වැරදි, අඩුපාඩු, වංචා, දූෂණ, අක්‍රමිකතා මෙන්ම පරිපාලන දුර්වලතා සියල්ලටම වගකිව යුත්තේ ආණ්ඩුකාරවරයා, පළාත් ලේඛම් සමග ඒ ඒ පළාත් අමාත්‍යාංශවල ලේකම්වරුන්ය.
රටේ පාලන ක්‍රමය එසේ වෙද්දී විවිධ රාජ්‍ය ලේකම්වරුන් මෙන්ම ආණ්ඩුකාරවරුන්ද පත් කරගන්නේ විද්‍යාත්මකව පිළිගත් ක්රමයන් වලට නොවේ. ඔවුන්ට තිබෙන එකම සුදුසුකම වන්නේ දේශපාලනය පමණි. පවතින මධ්‍යම ආණ්ඩුව පත් කිරීමට ඔවුන් කැප කලේ නම් තනතුරු වරධාන මෙන්ම වරප්‍රසාද වෙනුවෙන් එය ප්‍රමාණවත්. ශ්‍රී ලංකාව වැනසුනේද, දැන් නැවත සකස් කිරීමට නොහැකිව තිබෙන්නේද මේ හේතුව නිසාය. එවැනි පාලක පන්තියක් අපට බිහිව ඇත්තේ දශක තිස්සේම කරගෙන ආ දූෂිත වැඩපිළිවෙල හේතුවෙනි. රාජ්‍ය පරිපාලන ක්ෂේත්රය තුල පවා බිහිව ඇත්තේ අදක්ෂ මෙන්ම, වගකකිම් රහිත, තම ආයතන වල අනාගත පරපුර වෙනුවෙන් දැක්මක් නොමැති නිලධාරීන් ඇතුළු පුරවැසියන් කණ්ඩායමකි.
මේ වන විට රෝහල් තුල පවා අත්‍යවශ්‍යම බෙහෙත් ද්‍රවය පවා අඩුව තිබේ. එසේම සමහර බෙහෙත් වර්ග නැත්තටම නැත. එහෙත් දූෂණය සහ වංචාව නැවතී නැත. එවන් වටපිටාවක දේශීය අමුද්‍රව්‍ය වලින් පවත්වාගෙන යන ආයුර්වේද මෙන්ම සිංහල බෙහෙත් ශාලා හෝ රැක ගත යුතුය. ඒවාට දක්ෂ වෛද්‍යවරුන් හෝ පත්කර හෝ ඒවා වැඩි දියුණුකළ යුතුය. නමුත් ඒවා එසේ කිරීමට කිසිම වුමනාවක් නැතිබව අපට අනාවරණය වන්නේ සබරගමු පළාතේ නැගෙනහිර කෙලවරේ වේලිඔය ප්‍රදේශයේ අප කල සංචාරයකදීය.
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිමේ බලන්ගොඩ, කල්තොට මැදබැද්ද ප්‍රදේශයේ පිහිටි පියසේන ආයුර්වේද රෝහල යනු, ප්‍රදේශයේ ධානපතියෙකුව සිටි “පියසේන” නැමති පුද්ගලයෙකුගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකර රජයට බාර දී තිබෙන ආයුර්වේද රෝහලකි. රෝගීන් 30 කට පමණ නේවාසිකව ප්‍රතිකාර ලැබිය හැකි මෙම රෝහලේ වර්තමාන පරිපාලන වෛද්‍යවරියගේ පරිපාලනමය දුර්වලතා හේතුවෙන් රෝහලේ පැවැත්ම දිනෙන් දිනම බිඳවැටෙමින් තිබෙන බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
මෙම අයුර්වේද රෝහලේ රෙදි සේදීමේ ටෙන්ඩරය ලබාගෙන නැති බැවින් රෝහලේ ඇඳ ඇතිරිලි අපිරිසුදුව රෝහලට අවශ්‍ය පිරිසිදුතාවය පවත්වාගෙන යාමට නොහැකිව තිබේ. එසේම කසාය උනුකිරීම සඳහා නුසුදුසු භාජන භාවිතාකරන බැවින් අවුරුද්දක් පුරා භාවිතා කල හැකි දර මාස තුනක් වැනි කාලයකදී අවසන් වන බවටද අපට තොරතුරු ලැබී තිබේ. මෙසේ නුසුදුසු භාජන භාවිතා කරන බැවින් කසාය සහ අනෙකුත් බෙහෙත් වර්ග නිෂ්පාදනයේදී අවශ්‍ය තත්වයට (පදමට) නිෂ්පාදනය නොවන බවද වාර්තා වේ. එසේම මහජන මුදල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වියදම් කර ඉදිකර තිබෙන කුස්සිය ඇතුළු ගොඩනැගිල්ල තවමත් විවෘත කර නැති බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි. එසේම රෝගීන්ට අවශ්‍ය තෙල් වර්ග නිෂ්පාදනය නොකරන ලෙසද වර්තමාන රෝහල් පරිපාලනය නියෝගකර තිබෙන බවද වාර්තා වේ.
එසේම වර්තමානයේ රෝහල පාලනය කරනා ප්‍රධාන වෛද්‍යවරිය රෝහල් කමිටුවට එරෙහිව කටයුතු කරනා බවද, රෝහල ඉදිකිරීමේ සිට එය දියුනු කිරීමේ කටයුත්ත සිදුකර තිබෙන්නේ මෙම රෝහල් කමිටුව බවද ගම්වාසීන් ප්‍රකාශ කරයි. නමුත් වර්තමාන පාලනය හමුවේ මෙම රෝහල බිඳ වැටෙමින් පවතින බව රෝහල් කමිටුව චෝදනා කරයි.
එසේම රෝගීන්ටද අකාරුණික බව කියවෙන වර්තමාන ප්‍රධාන වෛද්‍යවරිය පාලනය බාරගැනීමත් සමගම නේවාසික රෝගීන් ප්‍රමාණය 10 ක් , 12 ක් පමණ වන අතර එක දිනයක රෝහලේ සිටි සියලුම රෝගීන්ට සුව බව පවසමින් ඔවුන් සියලුම දෙනාගේ ටිකට් කපා තිබේ. මෙම රෝහල නිසා ප්‍රදේශයේ ජනතාවට විවිධ අයුරින් තිබු ආදයම් මාර්ගද මේ වන විට ඇහිරී ගොස් තිබේ.
එසේම මේ පිලිබඳව රේඛීය අමාත්‍යාංශයට, සබරගමු පළාත් ආණ්ඩුකාර ඇතුළු පළාත් ආයුර්වේද ප්‍රධානීන් ඇතුළු වගකිව යුතු සියලුම දෙනාට ලිඛිතව පැමිණිලිකර තිබුනත් මෙම ප්රශ්නය තවමත් විසදී නැති බවත්, තව දුරටත් එය විසඳෙන්නේ නැතිනම් මහජන උද්ඝෝෂණයක් සිදුකරන බවද ගම් වාසීන් සඳහන් කරයි. සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න .