සබරගමුවේ බොහෝ පාසල්වල තත්ත්වය ඛේදනීය බව අපට ලැබෙන තොරතුරු ඔස්සේ පෙනී යයි.නමුත් ඒවා නිවැරදි කර මානව හිතවාදී දරු පරපුරක් නිර්මාණය කිරීමට සබරගමුව පළාත් ලේකම්වරයාට හෝ පළාත් අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍ය නැති බව අප දිගින් දිගටම පෙන්වා දී තිබේ.
පාසල් කිහිපයකම තොරතුරු ලියා ඇති අපට නැවත නැවතත් එකම පාසලක කටයුතු පිළිබඳ ලිවීමට සිදුවීම කනගාටුවට කරුණකි.අප මීට පෙරද වාර්තා කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර බළංගොඩ, වැලිගෙපොල ශ්‍රී වජිරවංශ විද්‍යාලයේ පරිපාලනය යහපත් කිරීම සදහා අවශ්‍ය කටයුතු තවමත් සිදු කර නැත.අයහපත් පාලනයක් තුල මෙම පාසල තුල ඉගෙන ගන්නේ අහිංසක දෙමව්පියන්ගේ අහිංසක දරු පිරිසක් ය.
නමුත් දරුවන්ට ඉගැන්වීමට දෙමව්පියන්ට අවශ්‍යව තිබේ.එම දෙමව්පියන් ගමෙන් පිට ලෝකය තුල සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ නිසි වැටහීමක් නැත.නමුත් නිසි වැටහීමක් තිබෙන පුද්ගලයන් අප සොයා ඇවිත් අපට ඒවා නිවැරදි කර ගැනීමට උපකාර කරන ලෙස ඉල්ලා සිටී. ඒ අනුව අපට දිගින් දිගටම මෙවැනි වාර්තා ලිවීමට සිදුවේ.
මෙම විද්‍යාලයේ ප්‍රාථමික අංශය වෙනමම කොටසක් බවට පත් වන්නේ දේශපාලන හිංචයියෙකුට විශ්‍රාම යාමට පෙර විදුහල්පති ශ්‍රේණියෙන් විශ්‍රාම යාම සදහාය.ඒ අනුව ප්‍රධාන පාසලෙන් මෙම ප්‍රාථමික අංශය ගලවා වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට උඩගෙඩි දෙන්නේ වර්තමාන පළාත් අධ්‍යාපන ලේකම් සමයේ ය. එනම් වර්තමාන පළාත් ලේකම් ,අධ්‍යාපන ලේකම් සමයේය. ඔහුටම තකට තක සිටියේ බළංගොඩ එවකට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලේකම් ආරියපාලය.
එම පාසලේ නවතම සිද්ධිය බවට අපට වාර්තා වන්නේ 2022 වර්ෂයේ ශිෂ්‍යත්වය සමත් වූ දරුවන්ට දිරි ගැන්වීම සදහා මහජන බැංකුව මගින් ලබා දී තිබෙන යම් දිරිගැන්වීමේ කුසලානයක් තවමත් දරුවන්ට ලබා දී නැති බවයි. එය විදුහල්පතිවරයාගේ ලාච්චුවේ දමාගෙන තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබේ.
අප නැවත වරක් ඊයේ (2023/10/13) සොයා බැලීමේදී අපට සොයාගත හැකි වූයේ මෙම විදුහල්පතිවරයාගේ විවිධ ක්‍රියාවලට විරෝධය පළ කරන දෙමව්පියන්ගේ දරුවන්ට මෙම කුසලානය ලබා දී නොමැති බවයි.
ඕනෑම පාසලක ප්‍රාථමික අංශයක් පවතී.පාසලට සංවර්ධනය ශක්තිය පවතින්නේ ප්‍රාථමික අංශයක් තුලිනි.ප්‍රාථමික අංශයක් බිද වැටෙන්නේ නම් 6 වසරින් පසුව එම පාසලට හිමි වන්නේ දූෂිත වූ දරු පරපුරකි.
ශිෂ්‍යත්වය සමත් වූ දරුවන්ට යම් කුසලානයක් දී දිරිගන්වන්නේ නම් එය එම දරුවන්ට තවත් ශක්තියක් වන අතර එය දකින ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ දරුවන්ද දිරිමත් වන්නේ ඊලග විභාගවලින් ජය ගැනීමට අවශ්‍ය මනසක් නිර්මාණය වීමෙනි.
කුඩා දරුවන් යනු කව්රුන්දැයි නොහදුනනා ගුරුවරු හෝ විදුහල්පතිවරු සමග මෙරටට යහපත් දරුවන් පරපුරක් නිර්මාණය වන්නේ කෙසේද?
සබරගමුවේ අධ්‍යාපනය හා සම්බන්ධව අප ලියා ඇති කිසිදු කරුණක් පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සබරගමුව පළාත් බලධාරීන් මේ වන තෙක්ම කටයුතු කර නැත.එසේ කටයුතු නොකිරීමෙන් සිදු වන්නේ අපට ඒවා පිළිබඳව දිගින් දිගටම වාර්තා කිරීමට සිදුවීමයි.එයින් අදාළ බලධාරීන්ට විරුද්ධ අප ළග සාක්ෂි ගොඩගැහෙන අතර එය මෙම බලධාරීන්ගේ ඉදිරි පැවැත්මට දැඩි හානියක් විය හැකි වූවත් මෙම බලධාරීන්ට එය එසේ යැයි නොසිතීම හෝ නොදැනීමෙන්ම පෙනී යන්නේ ඔවුන් මෙම රාජ්‍ය සේවයේ තනතුරු භාවිතා කරනුයේ “කටුස්සන්ගේ කරේ රත්තරං බැන්දා සේ” බවයි.
මිට පෙර පලකල පුවත්