සබරගමුව පළාත්අධ්‍යාපන අමාත්‍යාංශය යනු, දශක කිහිපයක සිටම සුදු අලියෙක් ලෙස ක්‍රියාත්මක වන ආයතනයක් බවත්, එම මහජන ආයතනය දේශපාලන අතකොලු වලින් සපිරි දුෂිත රාජ්‍ය නිලධාරීන්ගෙන් ගහනව තිබු ආයතනයක් බවත්, අතීතයේ සිටි දුෂිත නිලධාරීන්ගෙන් බිහි වු දූෂිත පැටවු මේ වන විටත් සබරගමුවේ අධ්‍යාපන පමණක් නොවේ, අනෙකුත් අමාත්‍යාංශද දුෂ්‍ය කරමින් සිටින බව අප පෙන්වා දුන්නේ වර්තමාන ගරු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සබරගමුවට පත්ව ඒමටත් පෙර සිටමය.
කෙසේ වුවත්, වර්තමාන ආණ්ඩුකාර තැන පැමිණි පසු, අප පෙන්වා දුන් ප්‍රමුඛතම ගැටලුව වු සබරගමුවේ දුෂිත අධ්‍යාපනය කෙලින් කිරීම සඳහා පළමු පියවර ලෙස 2024 ජනවාරි මස 1 සිට සබරගමුවේ විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම ප්‍රකාශ කරන ලදී.
අද, 2024 ජනවාරි 29 යි. දින 29 ක් පසු වීත් පළාත් අධ්‍යාපන ලේඛම් පොල් ගාන්නේ ඇයි ද යන්න අමුතුවෙන් ලිවීමට දෙයක් නැත. අප එය පුර්වයේම ලියා ඇත. පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සිතා සිටින්නේ ඔහුගේ උපදෙස් වලට අනුව කටයුතු සිදුව ඇති බවයි. නමුත් එය වෙනුවට කුමන්ත්‍රණ ගණනාවක්ම සිදු වෙමින් පවතින බව අප මාස කිහිප සිටම අධ්‍යයනය කලෙමු. ඒවා සියල්ල නැවත එකින් එක අප ආයතනය මගින් එළිදරව් කිරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතී.
එබැවින්, සබරගමු පළාත් ආණ්ඩුකාර වන නවීන් දිසානායක මහතා රූකඩයක් කිරීමට කටයුතු කර තිබීම පිළිබඳව වඩා හොඳ ප්‍රතිචාර ලැබීම සිදුවන්නේ එළඹෙන පාසල් වාරය ආරම්භ වීමත් සමගය. පළාත් අධ්‍යාපන ලේඛම් චාමර බමුණුආරච්චිගේ සැලසුම රත්නපුර දිස්ත්‍රික් ලේඛම් වීමය. ඒ සියල්ල යට තිබෙන රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණ අප එකින් එක ඉදිරිපත්කරන අතර, ආණ්ඩුකාරවරයා පෙනී සිටින්නේ මහජනතාව වෙනුවෙන් බැවින්, එය ඉටු නොවීම පිටුපස දේශපාලන අරමුණු නැතැයි අප විශ්වාස කරන්නෙමු.
ආණ්ඩුකාර තැන ප්‍රකාශ කල අයුරින්, කටයුතු ඉටුනොවීමේ අප්‍රසාදය ලැබෙන්නේ, කුමන්ත්රණකරුවන්ට නොවේ. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාටය. එය ඔහුගේ කීර්ති නාමයටද දැඩි අපකීර්තියක් ඇති වන අතර, අප පෙන්වා දුන් ප්‍රශ්නගත ස්ථාන වල කටයුතු ක්‍රියාත්මක නොවීම පිළිබඳවද කනගාටුව පළකරන්නෙමු. ආණ්ඩුකාරවරයාට ඉහලින්, දුෂිත අයුරින් ක්‍රියාත්මක වන මාරුවීම් කිහිපයක් අද හෝ හෙට දුෂිත පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් සකසන ලද , පලිගැනීම්වලින් සුඛිත මුඛිත වු ගුරුමාරු කිහිපයක් එළිදැක්වීමට නියමිතය.
අපට යහළු හිතමිතුරන් අවශ්‍ය නැත. අවශ්‍ය යහපත් රටක් පමණි. දුෂිත නිලධාරීන් සමග යහපත් රටක් ගොඩනැගිය නොහැක. අපට ආණ්ඩුකාරවරයාද රැකීමට අවශ්‍ය නැත. අවශ්‍ය මහජන යුක්තිය පමණි. නමුත් මහජන ආණ්ඩුකාරවරයාට යමෙක් කොලේ වසා කටයුතු කරන්නේ නම් එය ඒ ආකාරයෙන්ම වාර්ථා කිරීම අපගේ වගකීම යි. එම සියලු කුමන්ත්‍රණ සහිත සම්පුර්ණ ලිපියක් නම් ගම් සහිතවම අප අද හෝ පලකරන්නෙමු. ආණ්ඩුකාරවරයා විසින්ම සියල්ලම කල යුතුනම් , ඒ සදහා ලේඛම්වරුන් හෝ වෙනත් නිළදාරීන්ට වැටුප් ගෙවා පලක් නැත.