ඊයේ (15) රාත්‍රියේ සබරගමු විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් සහ එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන වෙනත් සිසුන් පිරිසක් අතර ආරවුලක් හට ගෙන තිබූ අතර එහිදී සිදු වූ පහර දීමකින් සිසුන් 9 දෙනෙකු තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ. එම සිසුන් බලංගොඩ රෝහලේ නේවසිකව ප්‍රථිකාර ලබන බව කියයි.
මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා සමනලවැව පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ.