සමගි ජනබලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10) දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර ඇත.
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය මාලඹේ බස් නැවතුම්පොළ අසලදි පැවැත්වුණි.
මෙම අවස්ථාව සදහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆෝන්සේකා ඇතුලුව මහජන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිට ඇත.