සමගි ජන බලවේගයේ පෙත්සම ලබන 3 වන දා කැදවයි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම උදෙසා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සම අද (27) යසන්ත කෝදාගොඩ , ප්‍රියන්ත ප්‍රනාන්දු , එස් . තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවා තිබූ බව වාර්තා වේ.

නමුත් වාර්තා වන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ එම පෙත්සම සලකා බැලීම උදෙසා මාර්තු 3 වන දා කැදවන ලෙසයි.

Exit mobile version